Ai Pazz
  • Home
  • Features
  • Coverage
  • Benefits
  • Try Free Trial
  • Sign In

කෘත්‍රිම බුද්ධිය (AI) අනාගතයේදී නීතිඥවරුන් වෙනුවට ආදේශකයක් වෙයිද?

Will AI replace lawyers?

කෘත්‍රිම බුද්ධිය වර්තමාන ලෝකයේ පුළුල්ව සාකච්ඡාවට බඳුන් වන කරුණකි. මේ වන විටත් තාක්ෂණයේ නව මං පෙත් හරහා කෘත්‍රිම බුද්ධිය නීති ක්ෂේත්‍රය ඇතුළු තවත් බොහෝ ප්‍රධාන ක්ෂේත්‍ර පුළුල් ලෙස වෙනස් කරමින් පවතී.

නීතිඥවරුන්ට මේ වෙනස කෙසේ බලපායිද? AI යනු මනුෂ්‍ය  ආදේශකයක් ද?

මෙවන් වූ ප්‍රශ්න සඳහා ඔබත් පිළිතුරු සොයනවා ඇති. 

ඔබ අත්දැකීම් බහුල නීතිඥයෙක් වුවත් , තරුණ නීතිඥයෙක් වුවත් , නීති ශිෂ්‍යයෙක් වුවත්, නැතහොත් අනාගතයේදී නීතිඥයන් වෙනුවට කෘත්‍රිම බුද්ධිය ආදේශ  වේදැයි කුතුහලයෙන් පසුවන කෙනෙක් වුවත්, අවධානය යොමු කල යුතු කරුණ වන්නේ, කෘත්‍රිම බුද්ධිය (AI) හා  මිනිස් බුද්ධිය නීතිය සම්බන්ධ කටයුතු වලදී කුමන අයුරින් ක්‍රියා කරනවාද යන්නයි.

නීති ක්ෂේත්‍රයේදී, AI හි සහ මිනිස් බුද්ධියේ භූමිකා වෙන් වෙන්ව තේරුම් ගැනීමට නම්, කෘත්‍රිම බුද්ධියේ ක්‍රියාකාරිත්වය සඳහා මූලික අවශ්‍යයතාවක් වන දත්ත (data) සහ කරුණු (information) වලට වඩා වැඩි යමක් නීති ක්ෂේත්‍රයේ භාවිතා වන ආකාරය හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ.

මිනිස් හැඟීම් සහ තීරණ ගැනීමේ හැකියාව දත්ත වලට පමණක් සීමා නොවන අතර, එවැනි තීන්දු සාධනීයව තේරුම් ගැනීමට මිනිස් මනස මෙන්ම අත්දැකීම්ද අත්‍යාවශ්‍ය වේ.

මිනිසුන්  කියවා ගැනීම, ඔවුන්ගේ  සිතුම් පැතුම්, අරමුණු, හැසිරීම් රටා තේරුම් ගැනීමේ සිට සංකීර්ණ මිනිස් ක්‍රියාකාරකම් වටහා ගැනීම දක්වා මනුෂ්‍ය බුද්ධිය නීති ක්ෂේත්‍රයට වැදගත් වන්නේ කෙසේද, කෘත්‍රිම බුද්ධියට (AI) එවැනි දේ කිරීමේ හැකියාව කෙතරම් ද යන්න ගවේෂණය කරමු.

1. මිනිස් හැසිරීම්, අභිප්‍රායන් සහ අභිප්‍රේරණ අවබෝධ කර ගැනීම.


නීතිමය නඩු විභාගයන් බොහෝවිට සංකීර්ණ මිනිස් හැසිරීම්, සංවේදීතා සහ අභිප්‍රේරණයන් තේරුම් ගැනීමේ හැකියාව මත පදනම් වේ. බොහෝ විට නීතිඥයන් තමන්ගේ අවධානය සහ අත්දැකීම් භාවිතයෙන් මේ කරුණු විග්‍රහ කරමින් ඉදිරි පියවර සැලසුම් කරනු ලබයි. නමුත්, කෘත්‍රිම බුද්ධියට (AI) මේ ආකාරයේ ඉතා සියුම් නමුත් සංකීර්ණ කරුණු ගැඹුරින් අවබෝධ කරගැනීම අපහසු වේ. 

  • ගැඹුරු සන්දර්භ අවබෝධය (Contextual Understanding) 

නීතිමය තීන්දු බොහෝවිට මනුෂ්‍යයාගේ මානසික ක්‍රියාකාරිත්වයේ ගැඹුරු සන්දර්භය තේරුම් ගැනීම මත පදනම් වේ. උදාහරණයක් ලෙස, පවුල් නීතියේ, හිමිකාරීත්වය හෝ භාරකාරීත්වය සම්බන්ධ නඩු වලදී දෙමාපියන් සහ දරුවන් අතර පවතින සංවේදී බැඳීම තේරුම් ගැනීම හෝ අපරාධ නඩු වලදී අපරාධ චෝදනා ලැබූ පුද්ගලයකුගේ අභිප්‍රේරණය නිවැරදිව තේරුම් ගැනීම නඩුවේ ප්‍රතිඵලය අතිශය බලවත් ලෙස තීරණය කරනු ඇත. දත්ත මත පදනම් වූ ආකෘති සහිත AI මගින් නීතිමය තොරතුරු විශ්ලේෂණය කළ හැකි වුවත්, ඉතාමත් සියුම් මානව භාවයන් විශ්ලේෂණයට මිනිස් සංවේදීත්වය සහ මිනිස් බුද්ධිය ඉතාමත් අත්‍යාවශ්‍ය වේ.

  • චිත්තවේගීය තීක්ෂණ බුද්ධිය (Emotional Insight)

නීතිඥයින්ට තම සේවාදායකයින්ගේ, විනිසුරුවන්ගේ, ජූරි සභිකයන්ගේ හෝ විරුද්ධ පාර්ශ්වයන්ගේ හැඟීම් එලෙසම  කියවා එයට ප්‍රතිචාර දීමට හැකියාව තිබිය යුතුය. පීඩාවට පත් සේවාදායකයෙකු සන්සුන් කිරීම හෝ තර්ක සකස් කිරීම සඳහා ජූරි සභාවක මනෝභාවය හඳුනාගැනීමට, චිත්තවේගීය බුද්ධියේ භාවිතය අත්‍යාවශ්‍ය වේ. නමුත්, AI මඟින් ලබාදෙන ප්‍රතිචාරවල පදනම වන්නේ පෙර සැලසුම් කළ දත්ත පමණක් බැවින්, ඒවා නීතිඥයෙකුගේ සැලසුම් සහ තීරණ ගැනීමේ හැකියාවට සමාන නොවේ. 

  • හැසිරීම් අර්ථ නිරූපණය (Behavioral Interpretation)

පුද්ගලයකු තොරතුරු සඟවා තබා ගන්නා විට වාචික නොවන ඉඟි හඳුනා ගැනීම හෝ තේරුම් ගැනීම දක්ෂ නීතිඥවරයකු ගේ අනන්‍ය කුසලතාවයකි. නිදසුනක් වශයෙන්, සාක්ෂිකරුවෙකු නොසන්සුන් වන විට හෝ විරුද්ධ පාර්ශවයේ නීතිඥයෙකු දුර්වල තර්කයක් ඉදිරිපත් කරන විට, එය එම මොහොතේ ම හඳුනා ගැනීමට හෝ නිරීක්ෂණය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධියට (AI) අනුකරණය කළ නොහැකි තත්‍ය කාලීන හැසිරීම් විශ්ලේෂණයක් අවශ්‍ය වේ. උපායමාර්ගික තීරණ ගැනීම සඳහා නීතිඥයින් මෙම තීක්ෂණ මානව බුද්ධිය භාවිතා කරත්, කෘත්‍රිම බුද්ධියට මානව භාවයන් සඳහා එවැනි ගැඹුරු අර්ථ නිරූපණයක් කිරීමට හෝ ඒවා හඳුනා ගනිමින්  එයට ගැලපෙන ප්‍රතිචාරයක් ලබාදීම කළ නොහැක. 

2. බලපෑම් සහ සංස්කෘතික සංවේදීතාව


  • සංස්කෘතික හා සමාජීය සන්දර්භයන්ට අනුවර්තනය වීම

ඵලදායී නීතිමය භාවිතයක් සඳහා බොහෝ විට සංස්කෘතික පසුබිම් සහ සමාජ සම්මතයන් අගය කිරීම අවශ්‍ය වන අතර, එමඟින් නීති අර්ථකථනය කර ක්‍රියාත්මක කරන ආකාරය හැඩගස්වයි. මෙම සාධක මත පදනම්ව තමන්ගේ තර්ක සහ ප්‍රවේශය සකස් කර ගැනීමට නීතිඥයින්ට හැකියාව ඇත. නමුත්, AI සඳහා මෙම සියුම් සංස්කෘතික හා  සමාජීය සන්දර්භයන් හෝ ඒවා නීතිමය තීන්දු වලට ඇති බලපෑම නිසිලෙස අවබෝධ කර ගැනීමේ හැකියාව සීමා සහිත වේ.

  • බාහිර සාධකවල බලපෑම

නීතිඥයින් නීතිමය ප්‍රතිඵල වලට බලපාන සමාජ ප්‍රවණතා, දේශපාලන වාතාවරණය සහ ආර්ථික තත්ත්වයන් සලකා බලයි. උදාහරණයක් ලෙස, මහජන මතයේ වෙනසක් ජූරි තීරණ හෝ අධිකරණ අර්ථකථනවලට බලපෑ හැකිය. නීතිඥයින්ගේ මෙම දැනුවත්භාවය ඔවුන්ගේ මූලෝපායන් හා සැලසුම් තුළ ප්‍රකට වුවත් කෘතීම බුද්ධියට (AI) මෙවැනි සන්ධිස්ථානයක් නිවැරදිව අවබෝධ කර ගැනීමට හැකියාවක් නොමැත.

Will AI replace lawyers?

3. ගැටළු විසඳීමේ නිර්මාණශීලිත්වය


  • මානව කේන්ද්‍රීය නිර්මාණශීලිත්වය 

නීතිමය ගැටළු විසඳීමේ නිර්මාණශීලිත්වය මිනිස් හැසිරීම්, හැඟීම් සහ අභිප්‍රේරණයන් තේරුම් ගැනීම සමඟ සමීපව බැඳී ඇත. බොහෝ විට නීතිඥයින් මෙම අවබෝධය භාවිතා කරමින් නව උපායමාර්ග සකස් කරන අතර, කෘත්‍රිම බුද්ධිය මනුෂ්‍යයන් විසින් පෙර සැලසුම් කළ Algorithm මත පදනම්ව ප්‍රතිඵල ලබාදෙන බැවින් මෙවැනි ගැටලු විස‍ඳීමේ නිර්මාණශීලීත්වයක් බලාපොරොත්තු විය නොහැකිය. 

  • ක්ෂණිකව වෙනස්කම් වලට  අනුරූපව ක්‍රියා කිරීමේ හැකියාව 

නීති ක්ෂේත්‍රයේ දී, නඩු විභාග අතරතුර උද්ගත වන නව තොරතුරු හෝ වාතාවරණයේ වෙනස්කම් මත ඉක්මන් තීරණ ගැනීමේ සහ තම උපායමාර්ග ක්ෂණිකව වෙනස් කිරීමේ හැකියාව අත්‍යාවශ්‍ය වේ. මෙම හැකියාව මානව සංවේදීතාව සහ සහජ ඥානය මත පදනම් වන අතර නීතිඥයින්ට මෙවන් තත්ත්වයන්ට ගැලපෙන පරිදි ක්‍රියා කිරීමට හැකිවුවද, AI සඳහා එවැනි සියුම් හා ක්ෂණික වෙනස්කම් වලට ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් නොමැත. 

  • සංකීර්ණ ගැටළු සහ බලපෑම් 

බොහෝවිට නිවැරදි නීතිමය විසඳුම් සොයා ගැනීම සඳහා තම චිත්තවේගීය බුද්ධිය භාවිතයෙන් අදාළ කරුණෙහි බහුවිධ මානයන් සලකා බැලිය යුතුය. නීතිඥයින් තමන්ගේ සහජ බුද්ධිය භාවිතා කරමින් මෙම සාධක අතර සමබරතාවයක් ඇති කර ගන්නා අතර, AI තුළ මෙවැනි විශ්ලේෂණ කුසලතා සීමිතය.

4. සංකීර්ණ සාකච්ඡා සහ ගිවිසුම්


  • චිත්තවේගීය බුද්ධිය (Emotional intelligence)

සාර්ථක සාකච්ඡාවන් සඳහා මිනිස් හැඟීම් කියවා ගැනීම, විශ්වාසය ගොඩනැගීම සහ නොපැහැදිලි අදහස් හඳුනා ගැනීම අත්‍යවශ්‍යය. නීතිඥයින් මෙම ගැටලු වලට තම සංවේදීතාවය සහ අතීත අත්දැකීම් භාවිතා කරයි. නමුත්, AI සඳහා මෙම මිනිස් සංවේදීතාවය අහිමි බැවින්, එය ලබාදෙන  දත්ත මත පමණක් පදනම්ව ක්‍රියා කරයි. 

  • සියුම් වෙනස්වීම්

සාකච්ඡාවක් ගලායන ප්‍රවණතාවය අනුව එයට අදාළ ප්‍රතිචාර වෙනස් කිරීම මනුෂ්‍යයන්ට ඉතා පහසුවෙන් කළ හැක. නීතිඥයින් වුවත් සාකච්ඡා අතරතුර ඇතිවන ස්වල්ප වෙනස්කම්, එහි ස්වභාවය සහ නව තොරතුරු හඳුනාගනිමින් තම උපායමාර්ග වෙනස් කරුණු ලබයි. නමුත්, AI හි ප්‍රතිචාර නියමිත ආකෘතියකට පමණක් සීමා වන බැවින්, එයට සජීවීව එවැනි වෙනස්කම් කිරීම ප්‍රායෝගිකව කළ නොහැකිය.

5. වගවීම සහ විශ්වාසය


  • සදාචාරාත්මක වගකීම (Ethical Responsibility)

නීතිඥයින් ඔවුන්ගේ තීරණ සඳහා වගකිව යුතු අතර, සෑමවිටම නීතිමය ප්‍රතිඵල කෙරෙහි තම විනිවිදභාවය සහ විශ්වාසය සහතික කරයි. නමුත්, කෘත්‍රිම බුද්ධියට(AI) එවැනි වගකිමක් නොමැති බැවින්, ගැඹුරු නීතිමය තීරණ ගැනීමේදී එයට පමණක් සම්පූර්ණයෙන්ම භාරවීම අභියෝගාත්මක විය හැක.

  • මහජන විශ්වාසය (Public Confidence) 

සේවාදායකයින් තම පෞද්ගලිකත්වය හා අවශ්‍යයතා ආරක්ෂා කර ගැනීමට මානව නීතිඥයින් විශ්වාස කරන අතර කෘත්‍රිම බුද්ධියට(AI) ඒ ආකාර සේවාවක් සැපයිය නොහැකි බව සිහි තබාගත යුතුය. නීති පද්ධතිය කෙරෙහි විශ්වාසය පවත්වා ගැනීම සඳහා නීතිඥයින් සපයන පුද්ගලික වගකීම සහ සදාචාරාත්මක අධීක්ෂණය ඉතා වැදගත් වේ.

නීතිය යනු කරුණු රැස් කිරීම, සංඛ්‍යා විශ්ලේෂණය කිරීම සහ ඒවා ව්‍යුහගත ආකාරයකින් ඉදිරිපත් කිරීම ම පමණක් නොවේ.


නීතිඥ වෘත්තිය මිනිස් හැසිරීම් වල සංකීර්ණත්වය, අභිප්‍රේරණවල සියුම් බව සහ නීතිමය ප්‍රතිඵලවලට බලපාන හැඟීම්වල සංකීර්ණතා පිළිබඳ මනා අවබෝධයක් අවශ්‍ය වන විෂයයකි. AI මඟින් ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කළ හැකි වුවද, නීතිමය භාවිතයේදී අත්‍යවශ්‍ය වන "ගැඹුරු මානව තීක්ෂ්ණ බුද්ධියට" ආදේශකයක් ලෙස නම් කිරීමට අපහසුය

නමුත්, කෘතීම බුද්ධිය(AI) අද වන විට නීතිඥ වෘත්තියට සම්බන්ධ සංකීර්ණ සහ අකාර්යක්ෂම කටයුතු රැසක් ඉතා පහසු කර දීමට සමත්ව තිබෙනවා.

මෙම වෙනස්වීම, නීතිඥයින්ට තම සේවාදායකයා කේන්ද්‍ර කරගත් අතිශය කාර්යක්ෂම, නිවැරදි සහ කඩිනම් සේවාවක් ලබා දීමට පහසුවක් වනු ඇත.

Will AI replace lawyers?

"AI යනු මෙවලමක් මිස ආදේශකයක් නොවේ. නමුත් AI භාවිතා නොකරන නීතිඥයින් අභිභවා AI භාවිතා කරන නීතිඥයින් වේගයෙන් ඉදිරියට යනු නොඅනුමානයි"


Related Articles: How AI can bring efficiency to the Sri Lankan legal industry

Explore AI Pazz Today Your AI Powered legal research partner. For all legal professionals and law students. Save time and stay ahead.

Try Free Trial
Chat on WhatsApp
Ai Pazz
AI Pazz

Sri Lanka’s first AI-powered legal research platform, featuring the country’s largest and most current legal database. Access all Sri Lankan case laws, legislation, and more with powerful search tools and AI-driven insights to streamline your legal research and save time.

Quick Links
  • Home
  • Features
  • The Founders
  • Get In Touch
  • Blog
  • FAQ
  • Terms & Conditions
Contact Us

Address
RedBlocks AI (Pvt) Ltd
32, Gangodawila,
Nugegoda, Colombo,
Sri Lanka

Phone
+9477 786 5826

Stay In Tune!
Powered By RedBlocks AI (Pvt) Ltd
Redblocks

Made in Sri Lanka AiPazz

© Copyright 2025. Ai Pazz. All Rights Reserved.